Tuesday, May 07, 2024
Follow Us
මං කිව්වේ දෙවිවරුන් වැනි ගුරුවරුන් කියලා. ඒක එඩිට් කරලා වෙන කෑල්ලක් දාලා - කෙහෙළිය

ගුරුවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් පසුගිය සතියේ තමන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයේදී තමන් සඳහන් කළේ "දෙවිවරුන් වැනි ගුරුවරුන්" යනුවෙන් බවත් එය මාධ්‍ය විසින් සංස්කරණය කර වෙනත් කොටසක් යොදා ඇති බවත් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

"ඔවුන් ඒක එඩිට් කරලා, කියන්න ඕනෙ හරිය පැත්තක තියලා "දෙවිවරුන් වැනි ගුරුවරයන්" කියන එක එහෙම් පිටින්ම කපලා වෙනින් කෑල්ලක් දාලා. ඉතිං ඒවාට සැලෙන්නෙ නෑ මේ අත්දැකීම් තියෙන මට ... හෙහ් ... ස්ටාලින්ලා රුසියාවෙ නෙවෙයි මෙහෙ එක්කෙනා වුණත් .. එහෙම සැලීමක් අපේ වෙන්නෙත් නෑ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විස්තරය සම්පූර්ණයෙන්ම මම සඳුදා රටට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සෙ රටේ ජනතාවට අයිතියක් තියෙනවා ඒ වෙනුවෙන් තීන්දු ගන්න. හැබැයි අපට බිත්තියට හේත්තු කරලා ඉවරවෙලා, අපේ දේශපාලන වැඩපිළිවෙල සහ රජයේ ප්‍රතිපත්ති මාලාවන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කටයුතු කරන සුළු පිරිසක් එක්ක අපි ඒ ගනුදෙනුව වෙනමම බේරගන්න වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ

ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවේ පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමන් පැවසූ කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනි.

ඒ මහතා එදින ප්‍රකාශ කර තිබුණේ ගුරුවරුන්ගේ වෘත්තීය අරගල මෙහෙයවන ගුරු සංගම් නායකයින් කාලකන්නින් පිරිසක් බවකි.

(LNW)