Saturday, November 08, 2025
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ ලබන සඳුදා පෙරවරුවේ එම පරීක්ෂණ පාර්ලිමේන්තුවේදී සිදු කරන බවයි.

ඊට සමගාමීව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා එදිනම යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. ලබන සඳුදා සිට පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සඳුදා සහ අගහරුවාදා විවාදයට ගැනීමටයි නියමිතව ඇත්තේ.

(Neth)