Sunday, May 05, 2024
Follow Us
ගුරුවරු ඉගැන්වීම් නතර කිරීමෙන් බැටකන්නේ ආණ්ඩුව නෙවෙයි දරුවෝ - නාමල්

ආණ්ඩුව සහ පොලීසිය එක්ක තිබෙන ප්‍රශ්නයට දරුවන් සම්බන්ධ කර නොගෙන දරුවන් දෙස සානුකම්පිතව බලා ඉගැන්වීම සඳහා පැමිණෙන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ නවීන පහසුකම් සහිත ‘විගමන පියස‘ නව පර්යන්තය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව සහ පොලීසිය සමඟ තිබෙන ප්‍රශ්නය බැනගෙන ගහගෙන විසඳා ගැනීමට හැකි හෙයින් දරුවන්ට ඉගැන්වීම නතර කිරීමෙන් බට කන්නේ ආණ්ඩුව නොව දරුවන් බව අමාතයවරයා සඳහන් කරන ලදී.

වෘත්තීය සමිති තම තමන්ගේ අයිතීන් ජයග්‍රහණය කරගැනීමට යාමේදී තවත් පාර්ශවයකගේ අයිතීන් හා වරප්‍රසාද අහිමි වන්නේ නම් එවැනි තැන්හිදී ක්‍රියාත්මකව ඇත්තේ සැබෑ වෘත්තීය සමිති ව්‍යාපාරයක් නොවන බවයි ඔහු කියාසිටියේ.

සැබෑ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ තමන්ගේ අරගලය මෙන්ම ජාතික අරගලයද ජයග්‍රහණය කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)