Saturday, November 08, 2025
Follow Us
ලබන 20 වනදාට පසුව රන්ජන්ගේ “මාදිවෙල නිවසේ” සහන කාලය අවසන්

දැනට සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ඉවත් කරගැනීමට සිදුව ඇති බවට පැවසේ.

සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතාගේ නීතීඥයන් භාණ්ඩ ඉවත් කර ගැනීම සඳහා මාස තුනක සහන කාලයක් ඉල්ලා ඇති අතර එම කාලය ලබන 20 වන දා අවසන් වීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර නවක මන්ත්‍රීවරු සඳහා ලබා දීමට නිවාස නොමැති බැවින් යම් ගැටළු කාරී තත්වයක් ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතාගේ පාර්ශ්වයේ කිසිවෙකුට මේ පිළිබඳව දැනුම් දීමක් කර නොමැති බව ද වාර්තා වී ඇත.

(Aruna)