Saturday, May 18, 2024
Follow Us
කොතලාවල පනත ගැන අන්තරේ සහ විපක්ෂ නායක සජිත් අතර සාකච්ඡාවක්

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සිය පක්ෂයේ තිරසාර ප්‍රතිපත්තිය බවත්, එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ එයින් සිදුවන අනතුර පිළිබඳව මෙන්ම ඒ පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය ද එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති බව සඳහන්.

"අපි කොතලාවල පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගත්තා. නිදහස් අධ්‍යාපනයට මේක බරපතළ ගැටළුවක් වෙන පනතක්. ඒවගේම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන පනතක්. අධ්‍යාපනය මිලිටරිකරණය කරන පනතක්. මේ පනත පිළිබඳ මූලික දැනුවත් කිරීමක් අද දවසේදී අපි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට සිද්ධ කළා" යනුවෙනුයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කළේ.

(LNW)