Saturday, November 08, 2025
Follow Us
ජනාධිපතිගේ මැදිහත්වීමෙන් බැසිල් - විමල් හා ගම්මන්පිල අතර හමුවක් ! සියලු අර්බුද අවසන් !

ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායමක් බවට පත්ව සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සතිඅන්තයේදී පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව ඉතා සුහදව සහ සාර්ථකව අවසන් වී තිබෙනවා.

සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙන්නේ විපක්ෂයෙන් එල්ල වන අභියෝග හමුවේ ආණ්ඩුවේ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. ආණ්ඩුව තුළ තිබෙන අර්බුද සාකච්ඡා කර විසඳා ගනිමින් ශක්තිමත්ව කටයුතු කළ යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ආ විස්වාස භංග යෝජනාව ජුලි 19-20 දිනවලදී විවාදයට ගැනීමට නියමිත අතර ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් තනි මතයක සිට එම යෝජනාව පරාජය කළයුතු බව දෙපාර්ශ්වයේම අදහස වී තිබෙනවා.

ඉදිරියට, ආණ්ඩුවට එල්ල වන ඕනෑම අභියෝගයකදී තනි මතයක සිටිමින් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා විමල්-ගම්මන්පිල පාර්ශ්වය එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)