Saturday, November 08, 2025
Follow Us
අපට යන්න කියන්න එපා. අපේ හිත් රිදිලා, තැළිලා, කෑලි කෑලිවලට කැඩිලා යයි - දයාසිරි දිළුම්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහාස වන අන්දමේ ප්‍රකාශ නොකරන්නැයි තමන් දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

"හරියටම ලක්ෂ 65ක් ගන්න ඕනෙ දිනන අපේක්ෂකයා. නමුත් ගෝඨාභය ජනාධිපතිතුමා ගත්තා ලක්ෂ 69ක්. එතකොට වෙනස තියෙන්නෙ ලක්ෂ 4ක වෙනසක්. යම්කිසි විදියකින් මේ කරපු උදව්වට ගෞරවයක් තියෙන්න එපැයි. ඒ ගෞරවය නැති මහන්තත්තකමේ, උද්දච්ඡකමේ ඉහළටම ගිය දිළුම් අමුණුගම මැතිතුමා මේ කියන සංඛ්‍යාලේඛන අරන් බැලුවොත් එතුමාට තේරෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේ සහයෝගය දුන්නෙ නැත්නම් 50,000කින් විතර අනිවාර්යයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය පරදිනවා.

ඒ නිසා මේ ලක්ෂ 4ක ඡන්ද සංඛ්‍යාව ගෝඨාභය ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්නෙ ශ්‍රීලනිපය එකතුවීම නිසා. එහෙම අමතක කරන අයට කියන්නෙ ගුණමකුවො කියලා. ඒ ගුණමකුවොන්ගෙ තත්වයට තමයි අද දිළුම් අමුණුගම මැතිතුමාට අත්වෙලා තියෙන ඉරණම. මං එතුමාට ආදරයෙන් කියනවා, කරුණාකරලා මේ වගේ ප්‍රකාශ කරන්න එපා මේ එකමුතුව තවදුරටත් ඔබතුමාලාට ආරක්ෂා කරගෙන යන්න අවශ්‍ය නම්. මොකද මේවාගෙන් අපේ මිනිස්සුන්ගෙ හිත් රිදිලා, තැළිලා, කෑලි කෑලිවලට මේ තියෙන ආදරය ගෞරවය විනාශ වෙන තැනට තමා මේවාගෙන් පත්වෙන්නෙ.

පොදුජන පෙරමුණ ආණ්ඩුවත් කරනවා, ඒවගේම දේශපාලනයත් කරනවා. ශ්‍රීලනිපයට ආණ්ඩුකරණයත් නෑ, දේශපාලනයත් නෑ. මගේ කට වහලා මේක නතර කරන්න හම්බෙන්නෙ නෑ. ඒක අමාරුයි. හැම කෙනාගෙන්ම මම තමයි ඒ ගිවිසුම් වලට අත්සන් කළේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)