අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සාදයකදී සුහද කතාබහක නියැළී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දින දෙක තුළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.
මේ ඔස්සේ විවිධාකාර දේශපාලන විග්‍රහයන් විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ආකාරය ද දක්නට හැකිවිය.
කෙසේවෙතත් මෙම ඡායාරූප මීට මාස එකහමාරකටත් කලින් දිනයක පැවති තම හිතවත් ව්‍යාපාරිකයකුගේ උපන් දින සැමරුමකදී ගත් ඒවා වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.
"මේක මේ මාස එකහමාරකටත් කලින් දෙයක්. බොරු ආන්දෝලනයක් ඇති කරන්නයි මේ හදන්නේ. මෙල්වින්ගේ උපන් දිනයට මහින්දත් මමත් හැම අවුරුද්දකම සහභාගී වෙනවා. ඒක කාලෙක ඉඳන් සිද්ධ වෙන දෙයක්. ඒකෙ අමුත්තක් නෑ. එතන දේශපාලනයක් කතා වුණෙත් නෑ. රටේ ප්‍රශ්න අතරේ මේ නැති දෙයක් මවන්න හදන්නේ. ඇත්තම දේශපාලන පරිවර්තනය තව මාස කිහිපයකින් කාට කාටත් බලාගන්න පුළුවන් වෙයි" යනුවෙනුයි ඒ මහතා ලංකා නිව්ස් වෙබ් කළ විමසීමකදී සඳහන් කළේ.
ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු දිනයේදීම මේ ඡායාරූප කවුරුන් විසින් හෝ පෙළ සමාජ මාධ්‍ය වෙත මුදාහැරියේ කුමන අරමුණක් සඳහාද යන ප්‍රශ්නය දේශපාලන ක්ෂේත්‍රයෙහි කතාබහට ලක්ව තිබේ.
(LNW)