පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි අර්තර්ගතව ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඉඩදෙන ප්‍රතිපාදන ඉවත් නොකරන්නේ නම් තමන් එම පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම විරෝධය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවත් ආණ්ඩු පක්ෂය එම පනත අගෝස්තු මාසයට කල් දැම්මේ තමන්ගේ විරෝධය නිසා බවත්ය.
එමෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට පිහිටුවීමට ඉඩදීමට තම පක්ෂය කිසිසේත්ම එකඟ නොවන බව අවධාරණය කර ඇති ඒ මහතා අගෝස්තු මාසයේදී එම පනත නැවත ඉදිරිපත් කරන මොහොත වන විටත් අදාළ ප්‍රතිපාදන ඉවත් නොකළහොත් ඊට විරුද්ධ වන බව ප්‍රකාශ කර තිබිණි.
(LNW)