තමන්ට පවරා ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඔවුන් වෙනත් අරමුණු මුල්කර ගනිමින් එවැනි ක්‍රියාවල නිතර වන බවට සැකයක් මතු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
ඊයේ දිනයේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රචාරය වූ රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආණ්ඩු පාර්ශවයෙන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.
(Neth)