ඉදිරි සති දෙක තුනක කාලය තුළ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
රට නැවතත් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන කාලය වනවිට සෞභාග්‍යයේ දැක්ම යටතේ වඩාත් වේගවත්ව සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යා හැකි පිරිසක් පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ වුවමනාව වී ඇති අතර ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ බැසීම මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල දුර්වල ක්‍රියාකාරීත්වය නිසා ජනතාවගෙන් එල්ල වන අප්‍රසාදය ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.
ඒ අනුව ගතවූ වසරකට ආසන්න කාලය තුළ ප්‍රමාණවත් කාර්ය සාධනයක් නොපෙන්වූ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට තනතුරු අහිමි වීමටත් තවත් කිහිපදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වීමටත් නියමිතව ඇති අතර දක්ෂතා පෙන්වූ තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසකට කැබිනට් මණ්ඩලයට පිවිසීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් සඳහන්.
එමෙන්ම මෙම කැබිනට් සංශෝධනය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ මූලික පියවරක් වනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.
(LNW)