Saturday, November 08, 2025
Follow Us
ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කිව්වේ අමු බොරු ! - ජෝෂප් ස්ටාලින් හෙළිකරයි

තමන් ඇතුළු පිරිස නිරෝධායනට යැවූ ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ අමූලික අසත්‍ය බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

"අද පාර්ලිමේන්තුවේදී සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා ඊයේ නිරෝධායනයට යවන කට්ටියව විධිමත්ව සෞඛ්‍ය නිර්දේශ අනුව යැව්වායි කියලා. අමු බොරු ! කොහොමද PHI කෙනෙක් බලන්නෙවත් නැතුව සෞඛ්‍ය නිර්දේශ දෙන්නේ ? ඒක සම්පූර්ණයෙන්ම පචයක්. අපට ටූත්පේස්ට් දුන්නෙ හාමුදුරු නමක්. අපට කිසිම රෙදි කෑල්ලක් දුන්නෙ නෑ. මේ ඉන්න අය උදේ ඉඳන් ඇඳන් හිටියෙ බෙඩ් ෂීට්. පොලිසිය කිව්වෙ යන තැන ඔක්කොම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලිසියෙන් අපට බෙහෙත් දුන්නාලු. අමු බොරු ! හලාවත පොලිසිය ළඟ නවත්තලා පාන් කාලයි කෙහෙල් ගෙඩියයි දුන්නෙ. හිඟන කෑම මේවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ජෝෂප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ පොලිසිය විසින් ඔවුන්ව බලහත්කාරයෙන් යවනු ලැබූ, උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිට ඊයේ (09) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ දක්වමිනි.

(LNW)