පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අදාල ලිපිය අද (08) දින පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා විසින් හෙබ වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.
පත්වීම් ලිපිය ලැබීමෙන් පසු සුළු වේලාවකින් නීතිඥ සාගර කාරියවසම් මහතා එම ධූරයේ වැඩ භාරගෙන තිබේ
(Aruna)