Sunday, November 09, 2025
Follow Us
නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයද පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ නිවසේදී රැස්වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් තවත් පක්ෂයක් ලියාපදිංචි කිරීමේ සූදානමක් ඇති බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා සූදනම් බව බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරන්නේ.

(Neth)