Sunday, November 09, 2025
Follow Us
පාර්ලිමේන්තුවට එන්නැයි ඇරයුම් කළ මහජනතාවට ස්තූතියි

තමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස ඇරයුම් කළ ජනපති, අගමැති, ඇමති මණ්ඩලය, මැති ඇමතිවරුන්, පළාත් පාලන නියෝජිත ව්‍යුහයට, පොදුජන පෙරමුණේ සියලුම පාර්ශ්වකරුවන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, සමාජ ක්‍රියාකාරීන්ට හා පොදු මහජනතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.


සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් බැසිල් රාජපක්ෂ මහතා තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිවීම ගැන මෙලෙස පැහැදිලි කර තිබේ.

එහි දැක්වෙන්නේ, තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසාදෙමින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට ද තමා සිය ස්තූතිය පළ කරන බවය.

(Aruna)