Sunday, February 15, 2026
Follow Us
ජයන්ත කැ‌ටගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබේ.


ඔහු ඉල්ලා අස්වී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පිවීසීමට බව වාර්තා වේ.

ඉල්ලා අස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයන්ත කැටගොඩ මහතා මෙලෙස අදහස් දැක්වූහ….

අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාට මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නා ඉතාමත් සතුටින්.
අපේ පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරියට ඒ කාර්ය භාරය සදහා පාර්ලිමේන්තුවට පිවිසෙන බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා වෙනුවෙන්.

(Aruna)