Sunday, November 09, 2025
Follow Us
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වනවා. මෙම සතියට අදාළව අද සිට දින 4 ක් පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සදහන් කළේ.

ඒ අනුව අද පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රයේ විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් මෙන්ම අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින්ගේ මාසික වැටුප් දීමනා වැඩි කිරීමට අදාළ යෝජනාවක් ද අද විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 4.50 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්‍ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත අද කැඳවා තිබෙනවා. ඒ, එම ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සදහායි.

මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ලබන 8 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සදහන් කළා.

(Neth)