Sunday, November 09, 2025
Follow Us
ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ දිනන්න නෙවෙයි. ජනතාව ගැන හිතල - හෙක්ටර්

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව විෂය බැහැර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ දිනීමට නොව ජනතාව ගැන සිතා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (05) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පළමු විශ්වාසභංගය ගෙන ආවේ පොහොට්ටුවේ ලේකම් වන අතර ගම්මන්පිල ඇමතිවරයාට ඉවත්වන ලෙස මුලින්ම කීවේ ඔහු බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

පක්ෂයක් ලෙස දිනීමේ අවශ්‍යතාවක් නැති අතර අවශ්‍ය වන්නේ ජනතාව දිනවීම බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

(LNW)