උදය ගම්මන්පිල ඇමතිවරයා සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය කිසිදු ලෙසකින් වෙනස් නොවන බවත්, එය තමාගේ පමණක් නොව ගම්මට්ටමේ සාමාජිකයාගේද මතය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි ඔහු පවසන්නේ.
අද පොදුජන පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විස්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, පොදුජන පෙරමුණ සමග සිටින අනෙකුත් පක්ෂ සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගතයුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා. කෙසේ නමුත් තෙල්මිල වැඩිවීම හරහා බොරදියේ මාලු බෑමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතබන බවද ඔහු පෙන්වා දෙනවා.
(LNW)