Sunday, November 09, 2025
Follow Us
එජාපය ප්‍රතිසංවිධානය සහ ශක්තිමත් කිරීම සඳහා රනිල්ගෙන් යළිත් කමිටුවක් ...

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සහ ශක්තිමත් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංචපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපසභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

නව ජනතා සංසද සකස් කිරීම සඳහා තොරතුරු රැස්කිරීම, ඡන්ද කොට්ඨාශ මට්ටමින් අවමය 50 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීම, දිස්ත්‍රික් කළමනාකරුවන් ලෙස පත්කළ හැකි පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම, සෑම ඡන්ද කොට්ඨාශයක් සඳහාම නීතී ලේකම්, ඔන්ලයින් කටයුතු බාර ලේකම්, ප්‍රචාරක ලේකම්, පුහුණු කිරීමේ කටයුතු බාර ලේකම් යන තනතුරු සඳහා සුදුසු පාක්ෂිකයන් හඳුනාගැනීම යනාදී වගකීම් මෙම කමිටුවට පැවරී ඇති අතර කොවිඩ් නීතිවලට අනුගත වෙමින් හැකිතාක් අන්තර්ජාලය ඔස්සේ මෙම කටයුතුවල නිරත වන ලෙසත් දෙසතියකට වරක් තමන් වෙත ප්‍රගතිය වාර්තා කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බවත් සඳහන්.

(LNW)