අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද රැස්වීමට නියමිතයි.
එමෙන්ම මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සහ එම රැස්වීම්වලදී විවාදයට ගන්නා කරුණු පිළිබඳවද අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කෙරෙණු ඇති.
(Neth)