Sunday, November 09, 2025
Follow Us
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ විපක්ෂ නායකයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා ඊයේ (03) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය. එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිලිබදව සාකච්ඡා පැවැති අතර බරපතල ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකයා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ සදහා මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු විය.

සමගි ජන බලවේගයේ 'විපක්ෂයෙන් හුස්මක්' වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන රෝහල් උපකරණ ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවටද මහ කොමසාරිස්වරයා සහතික විය.

පැය එකහමාරකට වැඩි කාලයක් ද්විපාර්ශවීය සාකච්ඡා පැවති අතර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රීලංකාව අතර ඇති දශක හතකට වැඩි සම්බන්ධතාවය පිළිබඳවද මෙහිදී අවධානයට ලක්විය.

(LNW)