ජනපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින්.
එම ලිපියේ ඔහු ඉල්ලා ඇත්තේ ගතහැකි නීත්‍යානූකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදා ගනිමින් රංජන් රාමනායක ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට සලකා බලන ලෙසයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරඳඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
(Neth)