Sunday, November 09, 2025
Follow Us
කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු රංජන්ට MRI Scan පරීක්ෂණයක්

මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව MRI Scan පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බවට තීන්දු වී වසර හතරක සිර දඬුවමක් නියම වුණු ඒ මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර දණහිසේ ආබාධයක් උග්‍ර අතට හැරීම හේතුවෙන් පසුගියදා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

කරාපිටිය රෝහලේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු දවස පුරා යොදවා ඇති බවත් සඳහන්.

(LNW)