Sunday, November 09, 2025
Follow Us
මහින්ද දුටුගැමුණු රජු වගේ යුද්ධ කරද්දී බැසිල් කාවන්තිස්ස රජු වගේ ආර්ථිකය කළමනාකරණය කළා - කෝකිලා

මහින්ද රාජපක්ෂ මහතා දුටුගැමුණු රජතුමා මෙන් යුද්ධය මෙහෙයවද්දී බැසිල් රාජපක්ෂ මහතා කාවන්තිස්ස රජු මෙන් රටේ ආර්ථිකය කළමනාකරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසයි.

"බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්නෙ අති දක්ෂයෙක්. දුටුගැමුණු රජතුමා යුද්ධෙ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා ධාන්‍ය එකතු කළා වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයේ වැඩපිළිවෙලත් රටත් කරනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත් හොඳ ආර්ථික කළමනාකරණයක් කළා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

කෝකිලා ගුණවර්ධන මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දුටුගැමුණු රජු යුද්ධ කරන කාලය වනවිට එතුමාගේ පියා වූ කාවන්තිස්ස රජු ජීවතුන් අතර නොසිටි හෙයින් ඇයට ඉතිහාස කතාව මඳක් පැටළුණ ආකාරයක් මින් පෙන්නුම් කෙරේ.

(LNW)