Sunday, November 09, 2025
Follow Us
බැසිල් ආවාය කියා අලුතින් ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ප්‍රශ්නය තියෙන්නේ සිස්ටම් එකේ - දයාසිරි

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ යැයි කියා අලුතින් ප්‍රශ්න විසඳීමක් සිදු නොවන බවත් දැනට පවතින ප්‍රශ්න උද්ගත වුණේ ඒ මහතාත් ආණ්ඩුවේ ප්‍රබලයකු වශයෙන් සිටියදීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

"බැසිල් රාජපක්ෂ මහත්තයා පහුගිය කාලෙ ඇමති නොවුණාට ඇමතිවරයෙකුට වඩා බලතල සහිත නායකයෙක් වෙලා හිටියා. ඉතිං එතුමාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන්න පුළුවන් කාරණයක් නෑ. ආවට අපෙන් කිසි ගැටළුවක් නෑ, නමුත් එහෙම ආවායි කියලා අලුතින් ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. මේ ප්‍රශ්න ටික ඇතිවුණේ එතුමාත් ඉන්න ආණ්ඩුවක් ඇතුළෙ.

ඒ නිසා අපට ඒක නෙවෙයි වැදගත් වෙලා තියෙන්නෙ. මේ ක්‍රමය පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු අද නිකම්ම නිකම් රබර් සීල් බවට පත්වෙලා තියෙන තත්වයක් තියෙනවා. කැබිනට් ඇමතිවරුන්ටත් අද ඒ තත්වය ඇතිවෙලා තියෙන්නෙ. ඉතිං මේක නිවැරදිව ක්‍රියාත්මක කළයුතුයි කියලායි මං විශ්වාස කරන්නෙ" යනුවෙනුයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)