Sunday, November 09, 2025
Follow Us
76 වෙනි උපන්දිනය වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය තැබූ සටහන

තමන්ගේ 76 වෙනි උපන් දිනය වෙනුවෙන් සුභ පැතුම් එක් කළ සියලු දෙනා වෙත ස්තූතිය පළකරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබේ.

සිට ජීවිත කාලය තුළ උත්සහ දැරුවේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, මෙන්ම ලෝකය වෙනුවෙන් යමක් කිරීමට වන අතර කවදා හෝ තමන් මිය ගිය දිනයක තමන් කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් සතුට වන්නේ එය බවයි ඇය පවසන්නේ.

උපුටා ගැනීම

''මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොද නම හෝ නරක නම.

මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොද තත්වයට පත්කිරීමටත් අපි බැදී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න. කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.

උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !

(LNW)