Tuesday, October 22, 2024
Follow Us
මං යනවා කිව්වෙ මට පක්ෂය ගැන විශ්වාසයක් නැති නිසා - හරීන්

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් පක්ෂයෙන් ඉවත්ව ගෙදර යන බව නිවේදනය කළේ තමන්ට පක්ෂය කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට හැර පක්ෂයේ වෙනත් කිසිවෙකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි ඒ මහතා අවධාරණය කළේ.

රටම කැමති සජිත්ට බවත් තමන් ද කැමති සජිත්ට බවත් මාධ්‍ය ද කැමති සජිත්ට බවත් ඒ මහතා සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් පුද්ගලයින් මත රඳා පවතිමින් දේශපාලනය කිරීම යනු දේශපාලනයේ මොන්ටිසෝරි ක්‍රමවේදයයි. නැතහොත් දේශපාලන බොළඳ පෙම්වතියන්ගේ ක්‍රමවේදයයි. වැරදීමකින් හෝ යම් අබල දුබලතාවයක් මත සජිත්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වුවහොත් මේ දේශපාලන බොළඳ පෙම්වතියන්ගේ ක්‍රමවේදය අනුව නම් එක්සත් ජාතික පක්ෂය කලින්ම පරාජය භාරගෙන සටනින් ඉවත්විය යුතුව තිබේ.

(LNW)