ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට පිළිබඳ හැඟීමක් නොමැති බව යි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා තම මංගල පාර්ලිමේන්තු කතාවේදීම හමුදාපතිවරයාව සහ හමුදාව දරුණු ලෙස විවේචනය කරමිනුයි අවසන් කළේ යනුවෙනි. රනිල් මහතාට සැමදාම හමුදාව “ඇලජික්” බව පවසන ඒ මහතා යම් කිසිවෙක් හමුදාව ඉවත් කළ යුතු යැයි යන හැඟීමෙන් සිටිනවානම් ඔහුට කෙදිනකවත් රට ජාතිය පිළිබඳව කිසිදු හැඟීමක් නැති බව පවසා සිටියේය.
(Lanka LEads)