බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය කතානායකවරයාට ලබා දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
ලබන මස 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම පිළිබඳ දිනය තීරණය කිරීමට නියමිතය.
ඒ අනුව විවාදයට ගන්නා දිනය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත .
න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු දින සිට දින පහක් ගත වූ පසු ඕනෑම දිනක එම යෝජනාව විවාදයට ගැනීමට ස්ථාවර නියෝගවලට අනුව හැකියාව තිබේ.
(Aruna)