Sunday, November 09, 2025
Follow Us
රංජන් රාමනායක රෝහල් ගත කෙරේ

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ දණහිසේ ආබාධයක් හටගැනීම නිසා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කරයි.

දණහිසේ අපහසුතාවක් තිබෙන බව දැනුම් දීම නිසා කරාපිටිය රෝහලට රැගෙන විත් වෛද්‍ය පරීක්ෂණවලට මෙයට පෙර යොමුකරනු කරනු ලැබීය.

අනතුරුව පරීක්ෂණවලදී දණහිසේ ආබාධයක් බව තහවුරු වීම නිසා ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව රංජන් රාමනායක මහතා රෝහල් ගත කර තිබෙන අතර රෝහලේ දින ගණනාවක් නේවාසිකව රැඳී සිටිමින් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

(Aruna)