Sunday, November 09, 2025
Follow Us
සාගර කාරියවසම්ට වාරණයක්

කොළඹ දිසා අධිකරණය මගින් කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

එම මන්ත්‍රීවරයා ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බලා කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අය වෙත නොතිසි නිකුත් කර ඇත.

අදාළ මන්ත්‍රීවරයා 2020 මැයි මස 20 දා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත අයුරින් බැනවැදුණේ යැයි චෝදනා කරමින් තමා ඉවත් කර වෙනත් අයෙකු පත්කරන ලෙස අමාත්‍යවරයා විසින් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබු බව පැමිණිලිකරු අධිකරණය හමුවේ පවසා ඇත.

ඒ අනුව පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනි යැයි ඉල්ලා පැමිණිල්ලෙ සඳහන් කර ඇත.

(Aruna)