Sunday, November 09, 2025
Follow Us
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ ප්‍රකාශයක්

අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුල පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

හිටපු ජනපතිවරයා, අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති අතර එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට මෛත්‍රීපාල සිරිසේන බලාපොරොත්තු නොවන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ.

(Neth)