Sunday, November 09, 2025
Follow Us
ජුලි 06 බැසිල් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි. යළිත් ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ජුලි 06 අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතා එදිනම ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහිත් දිවුරුම් දෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

2010 - 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ද ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරුවේ බැසිල් රාජපක්ෂ මහතා විසින් වන අතර දැනටත් එම අමාත්‍ය ධුරයට අදාළ වගකීම දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා හරහා දරන්නේ ඒ මහතාය.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

(LNW)