Sunday, November 09, 2025
Follow Us
බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා.

අදාළ පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (23) කැදවනු ලැබූවා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවයි.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

(Lanka Leads)