Sunday, November 09, 2025
Follow Us
එජාපයේ ක්‍රියාකාරිත්වය ගැන අවදානයෙන් - සමගී ජනබල වේගය කියයි

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවදානයෙන් සිටින බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සදහා විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරය මේ මොහොතේ වඩාත් ශක්තිමත් විය යුතු බවයි.

සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ඉදිරියේදී පිහිටුවන නව සංධානයට එක් වීමට එක්සත් ජාතික පක්ෂයටද හැකියාවක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩි දුරටත් සඳහන් කළේ.

ඉකුත් මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

(Neth)