දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින LTTE සැකකරුවන්ගේ නඩු කඩිනම් කිරීමෙන් හෝ නීතිපති මාර්ගයෙන් හෝ පුනරුත්ථාපන ක්‍රමවේදයක් මගින් හෝ ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.
"වසර ගණනාවක් LTTE ත්‍රස්තවාදී සැකපිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර ඉන්නවා. බන්ධනාගාරගත වන ජනතාව විඳින දුක ගැන ප්‍රායෝගික අත්දැකීමක් ඔබතුමාලා මට ලබාදුන්නා. මේ බන්ධනාගාරගත වෙලා ඉන්න පිරිසෙන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ගරු කථානායකතුමනි නඩු නිමිත්තක්වත් නැති අය. ඒ අතර විශේෂයෙන්ම LTTE ත්‍රස්තවාදී සැකපිට විශාල ප්‍රමාණයක් ඉන්නවා. බන්ධනාගාරෙදි හම්බුවෙච්ච එක් පුද්ගලයෙකුගේ සිදුවීමක් ; ලංකාවේ ප්‍රභූ ඝාතනයකට සැකපිට ගෙනල්ලා ඔහු වැරදිකාරයා වෙලා තියෙනවා. කථානායකතුමනි, ඔහු කරපු වැරැද්ද තමයි ගහක අත්තක් කපපු එක. දැන් ගහේ අත්ත කපපු එක්කෙනා වැරදිකාරයා වෙලා හිරේ ඉන්නවා. ප්‍රධාන සැකකාරයා සමාව අරන් ගෙදර ගිහිල්ලා තියෙනවා.
මං ගෞරවයෙන් ඉල්ලන්නෙ, ගරු අධිකරණ ඇමතිතුමා ඉන්නවා, 12500ක් පුනරුත්ථාපනය කරලා 3500ක් අපට සිවිල් ආරක්ෂක බලකායට ගන්න පුළුවන් නම් මේ ඉන්න අයගේ නඩුගොනු දිහා සානුකම්පිතව බලන්න. අපි දන්නවා ඒ දාලා චෝදනා අනුව අධිකරණයට ඇප දෙන්න බෑ. මේවා නීතිපති මාර්ගයෙන් හරි වෙනත් මාර්ගයකින් හරි පුනරුත්ථාපනය කරන ක්‍රමවේදයකට හරි සාධාරණය ඉටු කරලා දෙන්න කියන්න ඉල්ලීම මම කාරුණිකව කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
(LNW)