Friday, March 29, 2024
Follow Us
අනුරුද්ධ පාදෙනිය අරිට්ඨ කීවෙණ්ඩුට ඇඳලා දේශපාලනය මෙහෙයවනවා. ජනපතිත් අනතුරේ - අජිත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා මේ වනවිට සිය වෘත්තීය සමිති භූමිකාවෙන් ඔබ්බට ගොස් රටේ දේශපාලනය මෙහෙයවීමට පටන්ගෙන ඇති බවත් එදා සීතාවක රාජසිංහ රජුව නොමඟ යැවූ අරිට්ඨ කීවෙණ්ඩු පෙරුමාල්ගේ චරිතය අද පාදෙනිය මහතා රඟදක්වමින් සිටින බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

"අනුරුද්ධ පාදෙනිය මැතිතුමා අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගිහිල්ලා රටේ දේශපාලනය මෙහෙයවන තැනකට ගිහින් තියෙන බව දැන් අපට පේනවා. අර අරිට්ඨ කීවෙණ්ඩු රජතුමාව නොමග යැව්වා වගේ පාදෙනියත් අද අරිට්ඨ කීවෙණ්ඩු චරිතය තමයි රඟපාන්නේ.

අනෙකුත් වැදගත් උගත් නිලධාරීන් පාවාදෙමින් මේ රටේ වැදගත් කාරණාවලදී රටේ ජනවරම ලබපු ජනාධිපතිතුමාවත් විශාල අනතුරක දමන්නට අද පාදෙනික කටයුතු කරනවා. අද ජනාධිපතිවරයා මේ කොරෝනා තුන්වෙනි රැල්ල පාලනය කිරීමට අසමර්ථ වෙලා තියෙන්නෙ මෙවැනි දුෂ්ට උපදේශකයින් නිසා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)