Wednesday, April 24, 2024
Follow Us
අපි හදාගත්තු ආණ්ඩුවම ගම්මන්පිලට බනිනවා, විමල්ගේ පොස්පේට් ගලවනවා ... - වාසු දුක කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වත්මන් ආණ්ඩු සන්ධානය තුළ කුඩා පක්ෂවලට යම් යම් පීඩනයන්ට මුහුණ දීමට සිදුව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

"මං දන්නෙ නෑ එතුමා ගන්න ස්ථාවරය මොකද්ද කියලා තෙල් මිල වැඩිවීම ගැන. තෙල් මිල වැඩිකිරීමට තීන්දු කරගත්තු කොමිටියයි බැසිල් මහතා අතරයි යම් සංවාදයක් තිබිය යුතුව තිබුණා තෙල් මිල අඩුවෙන් දෙන්න පුළුවන් ක්‍රමය බැසිල් මහතා දන්නවා නම්.

අපි හදාගත්තු මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න ඕනෙ. ඒකට අපි කැපවෙලා ඉන්නවා. එසේ කැපවෙලා හිටියත් අපි කුඩා පක්ෂ හැටියට මේ සන්ධානය ඇතුළෙ, අපට මුහුණ දෙන්න වෙන යම් යම් පීඩනයන් තියෙනවා. එකක් තමයි ඔය ගම්මන්පිලට ඇමතිතුමාට ඇති කරපු දෝෂාරෝපණය. ඒකට කිසිම හේතු යුක්තියක් නෑ. ඊළඟට පොස්පේට් සමාගම ඉතාම අලාභ තත්වයක තිබිලා ඉතාම ලාබදායී තත්වයකට ගෙනාපු විමල් වීරවංශ ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ විෂයයක් හැටියට තිබීමෙන් එය ඉවත් කිරීම නැවතත් අපේ කුඩා පක්ෂවලට ඇති වෙච්ච පීඩනයක්. අපේ කුඩා පක්ෂවලට ඇතිවෙච්ච හිතේ අමාරුවක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)