Sunday, November 09, 2025
Follow Us
රනිල් හදිසියේම පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කළේ ඇයිදැයි හේතු පැහැදිලි කරයි ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොතිබුණු නමුත් මේ වනවිට රට තුළ පවතින සුවිශේෂී තත්වයන් අනුව අවසානයේ තමන් මන්ත්‍රී ධුරය භාරගැනීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ඇත්ත වශයෙන්ම මගෙ බලාපොරොත්තුවක් තිබුණෙ නෑ පාර්ලිමේන්තුවට එන්න. මේ රටේ කොවිඩ් වසංගතය පැතිරෙනවා. ඉතිං මේ අවස්ථාවෙදි ප්‍රධාන වශයෙන්ම හඬක් නගන්න වුවමනායි කියලා මට තේරුණා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම ඉදිරියට එන්නෙ.

දෙවනුව රටේ දේශපාලන තත්වය කිව්වොත් හරි අමාරුයි. මං දැකලා නෑ මෙහෙම ආණ්ඩුවක ජනප්‍රියභාවය වැටෙන එක. විකල්පයක් තාම පාර්ලිමේන්තුවෙ විපක්ෂයෙන් ඉදිරිපත් කරලා නෑ, ඒක භයානක අවස්ථාවක්. අපි පාර්ලිමේන්තුවට ගියාම එතන ඉඳන් සමහරවිට ඒ යන මාර්ගය සාදාගන්න පුළුවන් වෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකදී කරුණු දක්වමිනි.

(LNW)