Sunday, November 09, 2025
Follow Us
කුඩා පක්ෂ නායකයින් කැබිනෙට්ටුවෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ සැලැස්මක් - දයාසිරි හෙළිකරයි !

ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂවල නායකයින් කැබිනට් මණ්ඩලයෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"අපි සියලු දෙනාම කල්පනා කළයුතුයි මේ වෙලාවේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා, ඒක තමයි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සම්බන්ධ වුණු පක්ෂ මේ ආණ්ඩුවෙ ඉවත් කිරීමේ කුමන්ත්‍රණය. මේ විදියට අපට ශක්තිය දුන්න පක්ෂවල ඉන්න නායකයො කැබිනට් මණ්ඩලයෙන් අයින් කරන්න, ආණ්ඩුවෙන් අයින් කරන්න මේ ක්‍රියාදාමය ගියොත් අනාගතයේ මේක ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වෙන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (19) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)