Sunday, November 09, 2025
Follow Us
විමල් එක්ක බෑ එයාට මුල්‍ය විනයක් නෑ එයා දෙන නීතිවිරෝධී නියෝග පිළිගන්න බෑ - ඉල්ලා අස් වූ පැල්පිට කියයි

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේ විෂය භාර අමාත්‍යවරයා සමග කටයුතු කළ නොහැකි නිසා බව කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා. තමාට ඉල්ලා අස්වීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් පැල්පිට මහතා ජනාධිපතිවරයා වෙත යවා තිබෙන ලිපියේ මේ බව සඳහන් වී තිබේ.

පැල්පිට මහතා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරන තිබෙන්නේ විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාට මුල්‍ය විනයක් නොමැති බවයි. එසේම ඔහු දෙන නීතිවිරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් එමනිසා රාජ්‍ය පරිපාලන සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

අනුෂ පැල්පිට මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තනතුර සඳහා හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා පත්කර තිබෙනවා. ඔහු ඒ වනවිට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

(LNW)