එක්සත් ජාතික පක්ෂයට බලය හිමි තංගල්ල, නාවලපිටිය සහ වැලිගම යන නගර සභාවල සභාපති තනතුරු පුරප්පාඩු වී ඇති බව ගැසට් නිවේදන 03 ක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාල නගර සභාවල තේරීම් භාර නිළධාරීන් විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ලෙස රවිඳු දිල්ශාන් මහතා කටුයතු කළ අතර නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ලෙස සසංක සම්පත් සංජීව මහතාත් වැලිගම නගර සභාවේ සභාපතිවරයා ලෙස රෙහාන් ධනුෂ්ක විජයරත්න මහතාත් කටයුතු කළේය.
මෙම සභාපතිවරුන් තිදෙනා ඇතුලු එජාප පළාත් පාලන සභිකයන් පිරිසක් පක්ෂ සාමාජිකයත්වයෙන් ඉවත් කර ඇති බව එජාපය විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබූ අතර ඒ අනුව සභාපතිවරුන් තිදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වී ඇති බවට තීරණය කර තිබේ.
මෙම මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට හේතුව වූයේ ඔවුන් එජාප සාමාජිකයන් ලෙස සිටිමින් සමගි ජන බලවේගයට සහාය දැක්වීමයි. මෙම මන්ත්‍රීරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණය වෙත පෙත්සම් ගොනුකර තිබූ නමුත් එම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කර තිබිණි.
(LNW)