ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසුව ඇතිවූ තත්වයේදී රටේම ජනතාව සිටින්නේ තමන් සමග යැයි ඔප්පු වුණු බවත් එය ලොවටම පෙන්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට තමන් පින් දෙන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
"විශ්වාසභංග යෝජනාව මට ලැබුණා. අත්සන් කරන අතරේම මන්ත්‍රීවරයෙක් මට පිටපතක් එවලා තිබුණා. මම ඒකෙ තියෙන අඩුපාඩු මොනවද, එහි සඳහන් කාරණා ගැලපෙන්නෙ නැත්තෙ ඇයිද කියන එක මම ඉදිරියේදී රටට පැහැදිලි කරනවා.
ඵල තිබෙන රුකටලු ගල් ගහන්නෙ. මේ රටේ ජනතාව මාත් එක්ක කියන එක, සහෝදර මැති ඇමතිවරු මාත් එක්ක කියන එක, අතිගරු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් මාත් එක්ක කියන එක මං දැනගත්තෙ සාගර කාරියවසම් මැතිතුමාගෙ ප්‍රකාශයත් එක්ක. එවැනි ප්‍රකාශයක් කරලා මගේ ශක්තිය මටත් ලොවටත් පෙන්නුවාට සාගර කාරියවසම් මැතිතුමනි, ඔබට පින්.
මට නම් හිතෙන්නෙ ඇත්තෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීතුමාව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් වෙන්න ඕනෙ මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය විසින් තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)