Sunday, November 09, 2025
Follow Us
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංගය පරාජය කිරීමට සූදනම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට විපක්ෂය උත්සාහ දරමින් සිටින බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ජනප්‍රිය නොවන තීන්දු ගැනීමේදී අමාත්‍යවරයෙකු අසරණ කිරීම සුදුසු නොවන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන මිල වැඩි කිරීම මුල් කර ගනිමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පිරිසක් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් ගැනීම ඊයේ ආරම්භ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙකු ඊට අත්සන් තබා ඇති බවටයි වාර්තා වන්නේ. එම විශ්වාසභංග යෝජනාව ඉදිරියේදී කථානායකවරයාට භාරදීමට නියමිතයි.

(Neth)