Sunday, November 09, 2025
Follow Us
ඉන්ධන මිල වැඩි කරද්දි සාගර කාරියවසම්ගෙන් අහන්න ඕන කියලා මම දැනගෙන හිටියෙ නෑ

ඉන්ධන මිල වැඩි කිරීම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේ දැනුවත්භාවය සහ අනුමැතිය සහිතව සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊට අමතරව බලශක්ති අර්බුදය පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවෙන් සහ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවෙන්ද විමසා ගත් තීරණයක් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා සඳහන් කළේ.

කෙ‍සේ නමුත් ඉන්ධන මිල වැඩි කරද්දී පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් විමසිය යුතු බව තමා දැන නොසිටි බවත්, නීති පොතේ හෝ ඒ පිළිබඳව සඳහන්ව තිබුණේ නම් ඉන්ධන මිල වැඩි කිරීම ජනතාවට දැනුම්දීමට පෙර සාගර කාරියවසම් මහතාගෙන් විමසීමට කටයුතු කරන බවත් ඔහු පවසනවා.

ඉන්ධන මිල වැඩි කිරීම ඈඳා ගනිමින් මේ පහර දෙන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බවත්, ඔවුන් දෙදෙනාට සෘජුව පහරදිය නොහැකි නිසා ඒ සඳහා බලශක්ති ඇමතිවරයා වන තමා අල්ලාගෙන සිටින බවත් ගම්මන්පිල ඇමතිවරයා පවසනවා. එය හරියට කොටියා වෙනුවට ගෙදර තිබෙන කොටි හමට තඩිබෑමක් වැනි බවයි ඔහු සඳහන් කරන්නේ.

(LNW)