Sunday, November 09, 2025
Follow Us
ජනපති සහ TNA අතර අදට නියමිතව තිබුණු විශේෂ හමුව කල්යයි ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අතර අද (16) පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ හමුව කල්ගොස් ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ආරාධනය අනුව අද පස්වරු 04.00ට කොළඹදී මෙම විශේෂ හමුව පැවැත්වීමට නියමිතව තිබුණු අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද එම්. ඒ. සුමන්දිරන්, එස්. සිද්ධාර්ථන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ද ඇතුළු කණ්ඩායමක් මෙසේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයෙහි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ මෙම සාකච්ඡාව කල්දමා ඇති බවත් අලුතින් දිනයක් නුදුරේදීම ලබාදෙන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ පස්වරුවේ තමන්ට දැනුම් බවයි.

(LNW)