පසුගිය දින කිහිපයේදී වැඩි වශයෙන් කතා බහට ලක්වුයේ ඉන්ධන මිල සම්බන්ධවයි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් දක්වා තිබුණා. එම මිල ඉහළ දැමීම පසු ගිය ප්‍රමාණයන්ට වඩා වැඩි අගයකිනි.
පෙට්ට්‍රල් 92 රුපියල් 20, පෙට්ට්‍රල් 95 රුපියල් 23, ඩිසල් රුපිල් 7, සුපර් ඩිසල් රුපියල් 12 , භූමිතෙල් රුපියල් 7ක් වශයෙනි. මෙම මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් කියා සිටියේ මිල ඉහළ දැමීමට ගත් තිරණය සම්බන්ධයෙන් වහාම ඔහු ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
එම ලිපිය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය හමුවක්ද පවත්වා තිබුණා. කෙසේවෙතත් ඊයේ දිනයේදී නිමල් ලන්සා අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා සිටියානම් ඉන්ධන මිල ඉහළ දැමීමට අදාල තීරණයක් ගැනීමට ඉඩ ලබානොදෙන බවයි.
(Neth)