ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් කිසිවක්ම සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
"නෑ නෑ නෑ. තෙල් මිල ගැන වචනයක්වත් අද කතා කළේ නෑ. තෙල් මිල අඩුකිරීමක් ගැන එහෙම කිසිම දෙයක් නෑ, තෙල් මිල වැඩිකරන්න ඊයේ ගම්මන්පිල ඇමතිතුමාත් කරුණු පැහැදිලි කළා. ඉතිං ඒ ඇරෙන්න මේ .. වෙන කිසිම දෙයක් කතා කළේ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ආණ්ඩුවේ සුළු පක්ෂවල අනතුරු හැඟවීමේ නිවේදනය අනුව යම් පාර්ශ්වයෙන් ආණ්ඩුවෙන් ඉවත් වෙනු ඇතිදැයි නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ "නෑ නෑ නෑ. කවුරුවත් එහෙම නෑ. අපේ ආණ්ඩුවේ එක එක පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවානෙ. එක එක තියෙනවා, ඒ මත ගැටුම් ඇතිවෙනවා, ඒවා නිරාකරණය වෙනවා. හැබැයි සමහර ඉතිං ඔය අය උඩු බුරනවා. උඩු බිරුවාට අපට ප්‍රශ්නයක් නෑ, අපේ ගමන අපි යනවා. අන්තිමට ඔක්කොම එකතුවෙලා යනවා" යනුවෙනි.
එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)