ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇමතිවරයාගේ කරමත පැටවීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පවසමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම පක්ෂ අවධාරණය කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ආණ්ඩුවේ සාමූහික තීරණයක් බවයි. එය ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් ගනු ලැබූ තීරණයක් බවද එම පක්ෂ එකමුතුව අවධාරණය කරනවා.
එසේ තිබියදී ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ ජනතා විස්වාසය බිඳ වැටිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වේ.
අපේ ජන බල පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ජාතික කොන්ග්‍රසය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, එක්සත් මහජන පක්ෂය යන පක්ෂවල නියෝජිතයන් මෙම ඒකාබද්ධ නිවේදනය සඳහා අත්සන් තබා තිබෙනවා.
(LNW)